Management Information Systems Lesson 01

සමකාලීන ගොලීය ව්‍යාපාර තුළ තොරතුරැ පද්ධතීන් හි කාර්යභාරය

The Role of Information Systems in Business Today

ඇමරිකාව ඇතුළු කාර්මික ජනපදයන්හි තොරතුරු පද්ධතීන් ව්‍යාපාරික ක්‍ෂේස්ත‍්‍රයන් තුළ භාවිතයේ පුනරුදයක් පෙන්වුම් කරයි. තොරතුරු පද්ධතීන් හා සම්බන්ධ දෘඪාංග, මෘදුකාංග හා සන්නිවේදන උපක‍්‍රම වෙනුවෙන් ඔවුන් ව්‍යාපාර සදහා ආයෝජනය කරන මුදලින් 50‍්‍% ටත් වඩා වැඩි ප‍්‍රතිශතයක් යොදවනු දක්නට ලැබෙන බව එක්සත් ජනපද ආර්ථික විශ්ලේෂක කාර්යාංශය යේ වාණිජ දෙපාර්තමේන්තුව මගින් 2009 වසරේ හෙලිදක්වා ඇති ජාතික ආදායම සහ නිෂ්පාදන ගිණුම් දත්ත මගින් තහවුරු වේ.

ප‍්‍රස්ථාර අංක 01 - තොරතුරු තාක්ෂණය සදහා යොදාවා ඇති ආයෝජනය

තොරතුරු තාක්ෂණය සදහා යොදාවා ඇති ආයෝජනය

එක්සත් ජනපද ආර්ථික විශ්ලේෂක කාර්යාංශය යේ වාණිජ දෙපාර්තමේන්තුව මගින් 2009 වසරේ හෙලිදක්වා ඇති ජාතික ආදායම සහ නිෂ්පාදනඅ ගිණුම් දත්ත මගින් උපුටාගන්නා ලදි.

සමකාලීන සමාජය තුළ භාවිතාවන තොරතුරු සන්නිවේදන තාක්‍ෂණික මෙවලම් ප‍්‍රමානාත්මකව විශ්ලේෂණය කළ විට, වර්තමාන ව්‍යාපාරික ක්‍ෂෙස්ත‍්‍රයන්ගේ සාර්ථකත්වය උදෙසා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ‍ය භාවිතයේ වැදගත් කම මනාවට පැහැදිලි වේ.

මෙම මෙහොත වන විට සිදුවන අන්තර්ජාල ක‍්‍රියාකාරකම් කිහිපයක සංඛ්‍යාත්ම දත්ත වර්ථා පහත පරිදි වේ

තාක්‍ෂණික පුනරුදයත් සමග පුවත්පත් පාඨකයින් සීග‍්‍රයෙන් අඩුවී ඇත. අත්පත‍්‍රිකා හා පෝස්ටර් අද වන විට දුර්වල ගණයේ ප‍්‍රචාරන මාධ්‍යයන් බවට පත්වී ඇත. ඒ හා සමගාමීව අන්තර්ජාල පුවත් කියවන්නන්, බ්ලොග් ලේඛකයන් හා පාඨකයන්, සමාජ ජාල පරිහරණය කරන්නන් හා සමාජ ජාලා ලේඛන වලට ප‍්‍රතිචාර දක්වන්නන් සීග‍්‍රයෙන් ඉහල ගොස් ඇත. මේ අනුව ව්‍යාපාරිකයන් තම සේවකයන් හා පාරිබෝගිකයන් සම්බන්ධ කරගැනීම සදහා සමාජ ජාලා මෙවලම් භාවිතයට පෙළඹ ඇත. එමෙන්ම ඊ-වාණිජ්‍යය හා අන්තර්ජාල දැන්වීම් ක‍්‍රම බෙහෝ ව්‍යාපාර සාර්ථකත්වය කරා රැගෙන ගොස් ඇත.

ඔනෑම ව්‍යාපාරයක පැවැත්ම රදාපවතින්නේ එය වෙනස්වන පරිසරයට ඔරොත්තු දී මේ හැකියාව අනුව වේ. මේ අනුව බොහෝ යල්පැනගිය ක‍්‍රමවේදයන් භාවිතා කරනු ලබන ව්‍යාපාර හා කාර්මාන්ත අකර්මන්‍ය තත්වයට පත්ව ඇති බව පෙනී යයි.

ව්‍යාපාරික ආයතන තොරතුරු පද්ධතීන් හි ආයෝජනයේ ප‍්‍රදාන හේතූන්

ව්‍යාපාරික ආයතනය හා තොරතුරු පද්ධතීන් අතර පවතින අන්තර් සම්බන්ධතාව පහත මොඩලය මගින් පැහැදිලි කර ගත හැක.

ව්‍යාපාරික ආයතනය හා තොරතුරු පද්ධතීන් අතර පවතින අන්තර් සම්බන්ධතාව

ව්‍යාපාරික ආයතනය හා තොරතුරු පද්ධතීන් අතර පවතින අන්තර් සම්බන්ධතාව

Ludon , K.C. and Laudan, J.P., (2012); Management Information Systems.

බොහෝ නූතන ව්‍යාපාරික ආයතන වල ක‍්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ තොරතුරු පද්ධති මත රඳා පවතී. ආයතනයට කළ හැක්කේ කුමක්ද යන්න තොරතුරු පද්ධතිය සිදුකිරීමට අවසර දෙන ක‍්‍රියාවලීන් මත රාඳා පවතී. ඒ අනුව උපායක‍්‍රමික තීර්ණ වඩාත් සාර්ථක කරගැනීම සඳහා දෘඪාංග, මෘදුකාංග, දත්ත සමුදායන් හා සන්නිවේදන මාධ්‍යයන් ප‍්‍රබල බලපෑම් ඇතිකරන බව පෙනීයයි. උපායක‍්‍රමික ව්‍යාපාරික අරමුණු ඉටුකරගැනීම සඳහා ව්‍යාපාරික ආයතන තොරතුරු පද්ධතීන්හි ආයෝජනය කරයි.

මෙහෙයුම් විශිෂ්ටත්වය

ව්‍යාපාරයක මෙහෙයුම් කාර්යක්‍ෂම තාව ඉහල නැංවීමේ හැකියාව තොරතුරු පද්ධතීන් සතු විශේෂ ගුනාංගයකි. මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහල නැංවීම මගින් ව්‍යාපාරික ආයතන වලට ඉහල ලාභයක් ඉපයීමේ හැකියාව ඇත. එමෙන්ම ආයතනයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව මනා අවබෝදයක් ලබාගැනීම සඳහා කළමණාකරුවන්ට තොරතුරු පද්ධතීන් මගින් දායකත්වය සපයයි.

නව නිපැයුම්, සේවා සහ ව්යාපාර ආකෘති

තොරතුරු තාක්‍ෂණය හා තොරතුරු පද්ධතීන් නව නිපැයුම්, නව සේවා සහ නව ව්‍යාපාර ආකෘති හෙලිදැක්වීමට සමත්ව ඇත. කිසියම් ව්‍යාපාරයක් නිෂ්පාදන සිදුකරන ආකාරය, එම නිෂ්පාදන අලවි කරන ආකරය, බෙදා හැරීම, ප‍්‍රචාරණය සිදු කරන ආකාරය ආදිය එම ව්‍යාපාරයේ ව්‍යාපාර ආකෘතිය ලෙස හැදින්වේ.

ලැප්ටොප් හා නොට්පෑඩ් පරිගණක, පෞද්ගලික ඩිජිටල් සහායක යන්ත‍්‍ර, ජංගම දුරකථන, ස්ථාන විකුණුම් පර්යන්ත, ස්වයංක්රීය ටෙලර් යන්ත‍්‍ර, ස්කෑනර්ස්, පරිගණක මුද‍්‍රණ යන්ත‍්‍ර, ඉවත්කළ හැකි ආචයන මාධ්‍ය, බහුමාධ්‍ය ප‍්‍රක්ෂේපන, අනතුරු ඇගවීම් පද්ධති, ස්වයංක‍්‍රීය ගිනිනිවන උපකරණ, වීඩියෝ ක්රීඩා කොන්සෝල තොරතුරු තාක්‍ෂණයේ හා තොරතුරු පද්ධතීන්හි පුනරුදයත් සමග ඉදිරිපත් වූ නව ව්‍යාපාරික භාන්ඩ කිහිපයක් පමනි. ඩෙන්මාක්ස් සංඛ්යාලේඛන මගින් ඉදිරිපත් කර ඇති තොරතුරු තාක්ෂණ නිෂ්පාදන හා සේවා ලැයිස්තුව මෙතනින් ලබාගත හැක.

නව ව්‍යාපාරික ආකෘතීන් වලට එක් උදාහරණ ලෙස, Airbnb හදුන්වා දිය හැක, මෙම මොඩලය කාමර, නිවාස කුලියට ලබා ගත හැකි අන්තර්ජාල වෙළඳපොළකි. මෙම ව්‍යාපාරයේ හිමිකරුට කුලියට දීම සඳහා එක් කාමරයක් හෝ නොමැති නමුදු කාමර හෝ නිවාස කුලියට දීමට හා කුලියට ලබාගැනීම සඳහා බොහෝ පුද්ගලයින් ඔහුගේ වෙබ් අඩවිය භාවිතා කරයි. මේ සඳහා තවත් උදාහරණයක් ලෙස අලිබබා මෘදුකාංග අතුරුමුහුණත පෙන්වා දිය හැක. අලිබබා සමූහයට බඩු තොගයක් නොමැත. එහි හි ප්රධාන අරමුණ වන්නේ විකුණුම්කරුවන් සමඟ මිලදී ගන්නන් සම්බන්ධ කිරීම තුලින් ලාබ ලැබීමයි.

අලිබබා මෘදුකාංග අතුරුමුහුණත

පාරිභෝගිකයන් හා සැපයුම් කරුවන් සමග සමීපභාවය

ව්‍යාපාරයන් තම පාරිභෝගිකයන් හදුනාගෙන එම පාරිභෝගිකයන්ට හොදින් සේවා ලබාදීම මගින් එම පාරිභෝගිකයන් ආයතනයේ භාණ්ඩ හෝ සේවාවන් මිලදීගැනීම සඳහා නැවත නැවතත් පෙළඹීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. තොරතුරු පද්ධති භාවිතයෙන් අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන්ට ආයතනයේ බොහෝ තොරතුරු වලට ප‍්‍රවිශ්ඨ වීමේ හැකියාව ලබා දීම මගින් ව්‍යාපාරයත් පාරිභෝගිකයාත් අතර සමීපභාවය ඉහල නැංවීය හැක.

සැපයුම්කරුවන්ට විශාල වෙළෙඳපොළ බලයක් ඇත. යම් ව්‍යාපාරයකට එකම සැපයුම්කරුන් සිටින්නේ නම් භාණ්ඩ හෝ සේවාවන්හි මිල, ගුණාත්මකභාවය හා බෙදාහැරීමේ කාලසටහන පිළිබඳව ව්‍යාපාරයට දැරීමට සිදුවන්නේ සුළු පාලනයකි. මේ මගින් ආයතනයේ පිරිවැය අවම කරගැනීමේ හැකියාව ඇත. සැපයුම්කරුවන්ගේ සංඛ්‍යා වැඩිකරගැනීම මගින් සැපයුම්කරුවන්ට වඩා ආයතනයට වෙළෙඳපොළ පාලනය කිරීමේ හැකියාව ලැබේ. තොරතුරු පද්ධති සැපයුම්කරුවන්ට නිෂ්පාදන කාලසටහන් වලට ප්රවේශ වීමට ඉඩ සලසා දී ඇති අතර භාණ්ඩ හා සේවාවන් සැපයුම්කරැවන්ගෙන් අවශ්‍ය වන අවස්ථාව පිලිබඳව ඔවුන් දැනුවත් කෙරේ. මෙම ක‍්‍රියාවලිය සඳහා අමතරව යෙදීමට සිදුවන කාලය හා පිරිවැය අවම කරගැනීම මගින් ආයතනයට වැඩි ලාබ ලබාගැනීමේ හැකියාව ඇත.

Online Courses

Hasala Sithum Wickramasinghe

MCS (SL), M.Sc in IT, PG Dip in IT, B.Sc Eng. (Hons), ICT N.Dip